Tuesday, October 16, 2018

Mobile Phones භාවිතය අහිතකරද?


ඔබත් නිතර ජංගම දුරකතන භාවිත කරන්නේද?එසේ නම් මෙ උපදෙස් පිලිපදින්න
නිදන කාමරය තුළ ජංගම දුරකතන භාවිත කිරීම හා රාත්‍රී කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම දැඩි සෞඛ්‍ය අවදානමකට හේතුවක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ජංගම දුරකතන හා පරිගණක ආශ්‍රිත උපාං මගින් ඇතිකරන විද්‍යුත් චුම්භක තරංග වලට නිරන්තයෙන් නිරාවරණය වීම සෞඛ්‍ය ගැටලු ඇති කරන්නක් බවද එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ අනුව විශේෂයෙන් නිදන කාමරය තුළ ජංගම දුරකතන තබාගැනීම මොළයට, ස්නායු පද්ධතියට හානි කරවිය හැකි බැවින් රාත්‍රී නින්දයට යාමට පෙර සිය නිදන කාමරයෙන් එබඳු උපකරණ ඉවත් කර හෝ ක්‍රියාවිරහිත කර තබන ලෙස එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෝටර් වාහනයක් පවරා ගෑනිම...

 මොටර් වාහනයක් පවරා ගෑනිම සම්බන්දව බොහෝ අයට ගෑටලු සහගතයි බොහෝ අය එම සේවාව ලබා ගෑනිමට අනියත බියක් දක්වන්වා ඒ සම්බන්දව නිවෑරදි පෑහෑදිලි කිරිමක...